11 July 2025

logo

ගාසා තීරයට ආධාර ලබාදීමට ඇමරිකාවෙන් නව වැඩපිළිවෙළක්



ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීමට ඇමරිකාව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආධාර සැපයීම ඊශ්‍රායලය 03වන මසටත් අඛණ්ඩව අවහිර කිරීම හේතුවෙන් ජගත් සංවිධානයේ අනතුරු ඇඟවීම නොතකා පෞද්ගලික සමාගම් හරහා මානුෂීය ආධාර සැපයීමට ඇමරිකාව සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම හමාස් සංවිධාන ආහාර සොරකම් කිරීම වැලැක්වීම සඳහා ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් විසින් බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඔස්සේ මිලියනයකට අධික පිරිසකට ආහාර සහ අනෙකුත් සැපයුම් ලබාදෙන බව ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)