10 May 2025


නව පළාත් පාලන ආයතන රැස්වන දිනය ගැන දැනුම්දීමක්



නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2වනදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

එමනිසා පළාත් පාලන ආයතනවල බහුතරය හිමි කරගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපතිවරුන් සතියක් ඇතුළත දන්වා එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)