02 May 2026

logo

පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 05දෙනෙක් රිමාන්ඩ්



වැලිමඩ ප්‍රදේශයේ පරිවාස මධ්‍යස්ථානයක දරුවන් පිරිසකට පහරදුන් පුද්ගලයින් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලීසිය සඳහන් කළේ හිංසාකාරී ලෙස දරුවන්ට බටවලින් හා පොලුවලින් එහි සේවයේ නිරත පුද්ගලයින් පහර දෙන බවට 1990 හඳිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 12-18ත් අතර දරුවන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)