අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති බවයි.
මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණා.
අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ මෙලෙස වැඩ තහනමට ලක්වුණා.
(colombotimes.lk)