08 January 2026

logo

ඉන්දියාව සෙළවෙයි



උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ Jhajjar ප්‍රදේශයේ අද (10) රික්ටර් මාපක 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශවලට ද දැනී ඇති බවයි. 

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙමඟින් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි. 

(colombotimes.lk)