19 February 2026

logo

ටෙක්සාස්හී ගංවතුරෙන් දිවි අහිමි වූ පිරිස තවත් ඉහළට



ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රාන්තයේ කර්විල් ප්‍රදේශයේ පමණක් අවම වශයෙන් 84දෙනෙක් මියගොස් තිබෙන බවයි. 

එමෙන්ම ගැහැණු ළමුන් නවාතැන් ගෙන සිටි කඳවුරක සිටි 27දෙනෙක්ද මියගොස් තිබෙනවා.
 
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළේ එම තත්ත්වය හමුවේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙක්සාස්හී ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ නැරඹීමට යන බවයි.

(colombotimes.lk)