22 November 2024


මූල්‍ය වංචාවලට සම්බන්ධ 58ක් CID භාරයට



අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවයි වාර්තා වන්නේ.

කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)