19 April 2025


ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කරයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.

ඔහු සඳහන් කළේ දිස්ත්‍රික්ක 12ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවයි.

ඉන් දිස්ත්‍රික්ක 9ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවත් දිස්ත්‍රික්ක 13ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිතව ඇති බවයි.
 
එමෙන්ම මේ වන විට තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 07ක් මුද්‍රණය කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එම තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට යොමුකර ඇති බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයන්ට අප්‍රේල් 28 සහ 29 යන දිනවලද ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)