03 September 2025

logo

ඇමරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක් - 38ක් ජීවිතක්ෂයට



යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ඇමරිකානු හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 38දෙනෙක් මියගොස් ඇති බවයි.

එහිදි තවත් පුද්ගලයන් 100ක වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හට ගත් බවත් හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)