17 September 2025

logo

මෝටර් රථ 400ක් හොරෙන් ලියාපදිංචි කළාට 7 කට නඩු



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා.

ඒ රේගුව විසින් නිෂ්කාශනය නොකළ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්.

සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වාහන 400ක් පමණ මෙසේ ලියාපදිංචි කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)