17 September 2025

logo

ආර්ථික අර්බුදය අවසන් කරන කාලය ගැන ජනපතිගෙන් සහතිකයක්



2022 - 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවයි. 

එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබූ මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

(colombotimes.lk)