17 September 2025

logo

තෙල් ගබඩා ධාරිතාව වැඩි කිරීමට සැලසුම්



රට තුළ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීම සඳහා තවත් තෙල් ටැංකි 6ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ඩී. ජේ රාජකරුණා සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ තෙල් ටැංකි ඉදිකිරීම් මෙලෙස ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මෙම අදහස් පළ කළා.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා නව නළ මාර්ග 02ක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද ඩී. ජේ රාජකරුණා එහිදී අදහස් පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)