22 November 2024


මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 90,000ක් යොදවයි



මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරීන් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200ක් ද ඒ අතර වන බවයි.

මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථානවල ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරීන් 11,000ක් යෙදවීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)