ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් 'සමිඩාරේ' නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
සමිඩාරේ ජපාන නෞකාව දිගින් මීටර් 151ක් වන අතර නැව් මුළුව 199 දෙනෙක්ගෙන් සමත්විතයි.
එමෙන්ම මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව තිබෙනවා.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව් මුළු දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නෞකාව නිල සංචාරය අවසන් කරමින් නොවැම්බර් මස 19 වන දින දිවයිනෙන් පිටත්වයාමට නියමිතයි.
(colombotimes.lk)