සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 209ක් පමණයි.
එහිදී Mark Chapman ලකුණු 76ක් සහ Mitchell Hay ලකුණු 49ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් ලබා ගත්තා.
පන්දු රැකීමේදී අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට උඩ පන්දු 3ක් රැක ගැනීමට සමත් වුණා.
ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 210ක්.
මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 - 0ක් ලෙස ජයග්‍රහණය කර ගන්නා අතර නවසීලන්තයට එරෙහිව වසර 12කට පසු එක්දින තරගාවලි ජයක් ලැබීමටද ඔවුන් සමත්වනවා.
(colombotimes.lk)