17 November 2024


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කරයි



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා හැර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙක් පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා හැර ඇති බවයි.

අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පත් කර සිටි මාධ්‍ය නිලධාරිවරයාවද වර්තමාන සභාපතිවරයා විසින් ඉවත් කර තිබෙනවා.

ඒ පසුගිය රාජ්‍ය සමයේ හිටපු වෙළෙඳ අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස පත් කර ඇති බවට අනිවරණයවීම හේතුවෙන්.

එම පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)