දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව සංශෝධනය කර තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නොවැම්බර් 21 වන දින පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන බවයි.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 21වනදා පස්වරු 3.00ට ජනාධිපතිවරයා විසින් සිදු කරන බවට එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණා.
(colombotimes.lk)