පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේදී එම අනතුර සිදුවී ඇති බවයි.
පුටුහපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගොඩනැගිල්ලක පසු පස බැම්මක් ඉදිකිරීමට පැමිණි පෙදරේරුවෙක් මෙලෙස පස් කණ්ඩියට යටවී මියගොස් ඇති බවයි.
(colombotimes.lk)