15 June 2026

logo

දුනිත්ගෙන් විශිෂ්ට ඉනිමක් - කොදෙව්වන්ට දැවැන්ත ඉලක්කයක්



සත්කාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව කොදෙව් ආරදනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 28කින් ලකුණු 43ක් රැස් කළා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශාමර් ජෝශප් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කොදෙව් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 170ක්.

මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම තරගාවලිය තරග 2 -0ක් ලෙස ජයග්‍රහණය කිරීමට නියමිතයි.

(colombotimes.lk)