යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙක්ගේ ගැටීමෙන් ඊයේ (13) සවස අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය - ගොඩගම මාර්ගයේ පනාගොඩ ප්‍රදේශයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 48ක් වන පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
