14 June 2026

logo

රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා රුපියල 2026 වර්ෂයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා (12) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වුණා.

එසේම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 341.36 ලෙසයි.

2026 පෙබරවාරියේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වූ බවද මහා බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)