14 June 2026

logo

මහනුවරටත් මෙට්‍රෝ බස් සේවාවක්



ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මහනුවරට මෙට්‍රෝ බස් යෙදවීම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී ලෝක බැංකු ආධාර මත ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛතා මන්තීරු ඔස්සේ ප්‍රධාන මාර්ග 4 ක් තුළ මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඩිජිටල් තොරතුරු පද්ධති, පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි වේදිකා සහ ස්මාර්ට් කාඩ්පත් තාක්ෂණය වැනි නවීන පහසුකම්වලින් සමන්විත වනවා.

මෙමඟින් නගරයේ ඓතිහාසික උරුමය සුරකින අතර සියලු මගී ජනතාවට කාර්යක්ෂම, ආරක්ෂිත සහ පහසු ගමනක් සැලසීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)