යතුරුපැදි චැසි, එන්ජින් 42ක් හා ජපානයේ නිෂ්පාදිත මිලෙන් ඉහළ මත්පැන් බෝතල් 190ක් අඩංගු කන්ටේනරයක් සමඟ සැකකරුවෙක් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජනක කරුණාසිංහට ලද තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ සහ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදීයි.
පොලීසිය සඳහන් කළේ ජපානයේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මේවා මෙරටට ගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)
