colombotimes.lk
සිංහල | English

05 May 2024

විපක්ෂ නායකවරයා සහ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක්



චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (24) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.

එහිදී ආර්ථික, වාණිජ සහ දේශපාල සබඳතා වැනි ක්ෂේත්‍ර පිළිබඳව සහ චීනයේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග මෙරටට ආදේශ කර රට ස්ථාවර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද මෙරට ආර්ථිකය නැවත පන ගැන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් විපක්ෂනායකවරයා හමුවේ සහතික වී තිබෙනවා.
(colombotimes.lk)