03 July 2025

logo

ළමුන් ගැන භයානක අනාවරණයක්



ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා පවසනවා. 

ඇය වැඩිදුරටත් කියා සිටියේ නොදැනුවත්කම හා අත්හදාබැලීම් හේතුවෙන් ළමුන් අනතුරුවලට ලක්වන බවයි. 

ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
 
ඇය වැඩිදුරටත් කියා සිටියේ අවුරුදු 12,13,14,15,16 යන වයස්වල පසුවන ළමුන් වැඩි වශයෙන් හදිසි අනතුරුවලට ලක් වන බවයි.   

(colombotimes.lk)