නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) පුත්තලම වනාතවිල්ලුවේදී විනාශ කළ බව පොලීසිය පවසනවා.
මෙතෙක් සිදු කළ වැටලීම්වලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස විනාශ කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හොරොයින් කිලෝග්‍රෑම් 22 ග්‍රෑම් 888ක්, කෝකේන් කිලෝග්‍රෑම් 33 ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247 ග්‍රෑම් 940ක් අද (27) වනාතවිල්ලුව ලක්ටෝවත්ත දහන උදුනේදී විනාශ කර තිබෙනවා.
(colombotimes.lk)
