කොළඹ වරායේ බණ්ඩාරණායක තටාකයේ ගබඩා සංකීර්ණය අසල බහාලුමක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්නෙන් බහාලුමේ භාණ්ඩවලට දැඩි හානි සිදුවී ඇති බවයි.
බහාලුම තුළ අන්තරායක ද්‍රව්‍ය තිබී ඇති අතර එය නිෂ්කාශනය සඳහා රැගෙන යන අවස්ථාවේ ගින්න හටගෙන තිබෙනවා.
වරාය ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)