පේරු රාජ්‍යයේ රන් ආකාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගින්නට හසු වූ තවත් කම්කරුවන් 175 දෙනෙකු බේරා ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
දශක ගණනාවකට පසු එරට සිදුවූ දරුණුතම පතල් අනතුර එය වන අතර විදුලි පරිපථයක දෝෂයක්, ගින්නට හේතු වන්නට ඇතැයි සැක පල කරනවා.
ගින්න හටගන්නා අවස්ථාවේ කම්කරුවන් පොළොව මතුපිට සිට අඩි 330 පමණ ගැඹුරක සිට ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව සඳහන්.
(colombotimes.lk)