ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව ළමා ආරක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර 10ක් ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් කටයුතු කරන පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන 'ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම' සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි 'සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්' සඳහා වූ ප්‍රතිපත්තිමය බැඳියාවන්ට සියලු ආකාරයෙන් අනුගත වන පරිදි බහු ආංශික ප්‍රවේශයකින් සමන්විතව මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා.
එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)