03 July 2025

logo

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්යයි



හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11වනදා දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල නියෝග කර තිබෙනවා. 

ඇයට මෙම නඩුව ගොනු කර ඇත්තේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බව කියන චෝදනාව යටතේයි.  

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින් පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගය කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 


(colombotimes.lk)