03 July 2025

logo

ශ්‍රීලංකන්හී අක්‍රමිකතා සොයන්න විශේෂ විමර්ශන කමිටුවක්



සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීම අනුමැතිය හිමිවී තිබෙනවා. 

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සපයා තිබුණ ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී තිබෙනවා. 

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර නවීන තාක්ෂණය භාවිතා කරමින් සාර්ථක ලෙස පවත්වා ගෙනයාම මහජන අභිලාෂයයි. 

ඒ සඳහා සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදු කළ යුතුව තිබෙනවා.

(colombotimes.lk)