03 July 2025

logo

ඇමරිකාවේ පදිංචියට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක්



ඇමරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයන් වෙනුවෙන් අද (26) ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව එම නිවේදනයේ සඳහන්.

මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිතා කරන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයන්ටද හිමි වන බවයි.
 
රැකියා උත්පාදන කරමින් ඇමරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)