කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන Garbage Compactors මිලදී ගැනීමට යෙන් මිලියන 300ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපානය මෙම ප්‍රදාන ආධාර ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අරමුදල් බස්නාහිර පළාතට 14ක්, උතුරට 6ක් සහ නැගෙනහිරට 8ක් ලෙස Garbage Compactors 28ක් ලබාගැනීම සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,
(colombotimes.lk)