01 July 2025

logo

2025 වසරේදී ජනාධිපති අරමුදල ගමට යයි



ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (28) රැස්වී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.


(colombotimes.lk)