20 February 2026

logo

පාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරු



පාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ගාමිණී රත්නායකද ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන තෝරාපත් කරගෙන තිබෙනවා.

(colombotimes.lk)