දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ පවතින අහිතකර මට්ටම අද (30) සිට ක්‍රමයෙන් අඩුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දින වල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක හේතුවෙන් බවයි.
ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහොමයක වායු ගුණත්වයේ පහළ යාමක් මෙම දිනවල පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සමස්තයක් ලෙස ඊයේ (29) මෙරට වායු ගුණ තත්ත්ව දර්ශකය 86ත් - 116ත් අතර අගයක පැවති තිබෙනවා.
(colombotimes.lk)