30 January 2025


ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා - ජනපති



ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (28) පස්වරුවේ කොළඹ පැවති 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025' අමතමින්.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මීට අමතරව මිලියන 2.5ක සංචාරකයන් සංඛ්‍යාවක් මෙම වසර තුළ මෙරටට පැමිණෙන බවට විශ්වාස කරන බවයි.

එමෙන්ම මෙවර අයවැය මඟින් ග්‍රාමීය ජනතාව උදෙසා ප්‍රජාවන් ඒකාබද්ධ කරන නව ආර්ථික ඒකකයක් නිර්මාණය කිරීමටද රජය අවධානය යොමු කර ඇති බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)