30 January 2025


ගොවීන්ට වන්දි ලබාදීම අද සිට ඇරඹෙයි



පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි.

ඒ අනුව වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අක්කර 13,379ක් සඳහා මෙම ගෙවීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

(coombotimes.lk)