22 December 2024


දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් අරඹයි



දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් ආරම්භ කර තිබෙන බව පොලීසිය පවසනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ රිය අනතුරු වාර්තාවීම ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවටද තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.

වැඩබලන පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.

(colombotimes.lk)