ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් ශ්‍රී ලංකාව තුළ සමුද්‍ර සංචාරක මාර්ග සිතියමක් හඳුන්වාදී තිබෙනවා.
මෙම මාර්ග සිතියම එළි දැක්වීම පසුගිය10වනදා කොළඹදී සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුග්‍රහය දක්වනු ලබනවා.
මෙහි මූලික අරමුණ වී ඇත්තේ තිරසාර සමුද්‍රීය සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සංචාරකයන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සහ ඉදිරියේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල ආරක්ෂාව හා ස්ථායීතාව සහතික කිරීමයි.
මෙම මාර්ග සිතියම හරහා මීගමුව, කල්පිටිය, මන්නාරම, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වෙරළබඩ ප්‍රදේශ ආවරණය වනවා.
(colombotimes.lk)