විදුලි බලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ ලියාපදිංචිය සඳහා නව ප්‍රතිපාදන සැපයීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර ඩීසල් සහ පෙට්‍රල්වලින් ධාවනය වන ත්‍රීරෝද රථ විදුලිබලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ බවට පත් කිරීමේදී කිලෝග්රෑම් 600ක්ව පැවති බර සීමාව වෙනස් කිරීමටද කැබිනටි අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වැඩි දුර ප්‍රමාණයක් ධාවන කළ හැකිවීම, වායු සමීකරණ සහිතව ධාවනය කළ හැකිවීම වැනි කරුණු පදනම් කරගනිමින් එකී බර සීමාව කිලෝග්රෑම් 650ක් දක්වා ඉහළ දමමින්, නව සංශෝධන සිදු කරන බව කැබිනට් මණ්ඩාලය දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)