22 April 2025


සූදු ක්‍රීඩාව නියාමනයට නව අධිකාරියක්



ශ්‍රී ලංකාවේ සූදූ ක්‍රීඩා කර්මාන්තය නියාමනය සඳහා සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම නව අධිකාරිය හරහා නෞකාවන්වල සහ කොළඹ වරාය නගරයේ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම්, මාර්ගත ක්‍රමයට සිදු වන සූදු ක්‍රීඩා ඇතුළු සමස්ථ සූදු ක්‍රීඩා කර්මාන්තයම නියාමනය වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)