ඉදිරි මාස 04ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවයි.
ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා මාස 04ත් 06ත් අතර කාලයක් සඳහා ඖෂධ තොග පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් ඖෂධවල වරින් වර හිඟයන් මතු වන්නේ පසුගිය වසර 02ක තුළ ඇති වූ විවිධ හේතූන් මත බවයි.
සැපයුම්කරුවන්ගේ දුර්වලතා ද මේ සඳහා බලපා ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.