22 April 2025


හෙට දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්



හෙට (23)  දිනයේ  'සිරි දළදා වන්දනාව' සඳහා අද (22) සවස 06.00 පමණ වන විට අසූදහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (22) උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම හෙට දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින් බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මඟින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.

(colombotimes.lk)