දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු කියා සිටියේ අදාළ ආපනශාලාවල ආහාර අපිරිසිදුවීම සහ වැසිකිළි - කැසිකිළි පහසුකම් ගුණාත්මකභාවයෙන් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් මෙම ආහාරපාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ පවතින බවයි.
දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩි මිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)