04 July 2025

logo

ණය තොරතුරු කාර්යාංශයේ ලියාපදිංචි පුද්ගලයින්ට නව ක්‍රමවේදයක්



ලංකාවේ ණය තොරතුරු කාර්යාංශයේ ලියාපදිංචිව සිටින පුද්ගලයින්ගේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකාවේ ණය තොරතුරු පිළිබඳව කාර්යාංශ එකඟ වී තිබෙනවා.

ඒ ආර්ථික අර්බුධයේ බලපෑම සමනය කිරීම පිලිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව හමුවට අදාළ කාර්යාංශ කැඳවූ අවස්ථාවේදීයි.

ආර්ථික අර්බුධයේ බලපෑම සමනය කිරීම පිලිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලයබොඩ මහතා සඳහන් කළේ සතියක් ඇතුලත එය සකස් කිරීමට නියමිත බවයි.

ඒ අනුව මෙහි ලියාපදිංචිව සිටින අයට අදාළ දත්ත පද්ධතියට ඇතුලු වී තමන්ගේ ණය තොරතුරු පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව මේ හරහා ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)