03 July 2025

logo

කහවත්ත නොසන්සුන් වෙයි



කහවත්ත - පලංසූරියගම ප්‍රදේශයේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එය පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
කහවත්ත - ඇන්දාන ප්‍රදේශයේදී මාංචු දමා දණගස්සවා වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (03) සිදු කර තිබෙනවා. 

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් ඝාතනයට චෝදනා එල්ල වී ඇති පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි අමිත නැමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමඟ  ඇතිවූ නොසන්සුන්තාවයත් සමඟ මෙලෙස කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)