කුරුණෑගල - වඳුරාගල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හදිසියේ හටගත් එම ගින්න මැඩ පවත්වා තිබෙන බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යෙදවූ බව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා.
(colombotimes.lk)