22 November 2024


දැදුරු, මහ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැනුම්දීමක්



මුළු දිවයිනටම බලපා ඇති අධික වැසි සහිත කාලගුණයත් සමඟ දැදුරු, මහ සහ අත්තනගලු ඔයවල ජල මට්ටම අවදානම් තත්ත්වයට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ඔයවල් ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව වඩාත් අවදානයෙන් සිටිය යුතු බවයි.

මේ අතර බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)