22 November 2024


විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ගැන රජයෙන් දැනුම්දීමක්



දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ ජාලා තුළ සංසරණය වන බවයි.

එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

(colombotimes.lk)